ජාතික මෙහෙවරට උරදුන් දිනමිණ
සරසවි සඳරැස පුවත්පතින් ඉවත් වූ එච්. එස්. පෙරේරා මහතා අලුතින් පත්තරයක් ඇරැඹීමේ අරමුණ ඩී. බී. ජයතිලක මහතා මඟින් රත්මලානේ ධර්මාරාම හිමියන්ට දැනුම් දුනි. ‘සඳරැසට විරුද්ධව නම් දිනමිණ තමයි…’ එසැණින් එහිමියෝ වදාළහ. ඒ අනුව අද (17) 115 වැනි උපන් දිනය සමරන දිනමිණ උපත ලැබීය. ඒ 1909 දෙසැම්බරයේදීය. එදිනද අද වැනි 17 වැනිදාවක්මය. එවන් දිනමිණ එදා මෙදාතුර…