ජනප්‍රියම නළුවා මේඝ සූරියආරච්චි ජනප්‍රියම නිළිය දිනක්ෂි ප්‍රියසාද්
36 වැනි කැලීන් – සරසවිය සිනමා සම්මාන උලෙළ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (24) රාත්‍රියේ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙහිදී මේඝ සූරියආරච්චි වසරේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය කැලීන් සන්නාම කළමනාකාරිනී අනූෂි ජයසේකර මහත්මිය අතින් ලබා ගත් අතර දිනක්ෂි ප්‍රියසාද් වසරේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනමිණ ප්‍රධාන කර්තෘ ප්‍රදීප් දසනායක මහතා අතින් ලබාගත් අයුරු. ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති…
සරසවිය සම්මාන උලෙළේ සිනමා දැක්ම
36 වන කැලීන් සරසවිය සම්මාන උලෙළ ජූනි 24 වැනිදා බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. ඊට සමගාමීව පැවැත්වෙන ජනප්‍රිය සිනමා දැක්ම වෙනුවෙන් චිත්‍රපට ත්‍රිත්වයක් තිරගත කිරීම පසුගිය 18 දා සිට කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ආරම්භ විය. ඒ පසුගිය වසරේ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට ත්‍රිත්වයකි. ආචාර්ය සෝමරත්න දිසානායකයන් අධ්‍යක්ෂණය කළ සිංහබාහු, ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ සරෝ…
කැලීන්-සරසවිය සිනමා දැක්ම දෙවැනි දිනය අරඹමින්
36 වැනි කැලීන් – සරසවිය සම්මාන උලෙළට සමගාමීව පැවැත්වෙන ජනප්‍රිය සිනමා සතිය වෙනුවෙන් මරදාන සිනේසිටි සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරෙන ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ සරෝ විසින් අධ්‍යක්ෂණය කළ “සිහිනයකි ආදරේ” චිත්‍රපටය ඊයේ (19) ප්‍රදර්ශනය කෙරිණි. එම අවස්ථාවට එක් වූ ප්‍රවීණ රංගවේදීන් වන ජීවන් කුමාරතුංග හා සංගීතා වීරරත්න මහත්ම මහත්මීහු මංගල ප්‍රදීපය දැල්වූ අයුරු.
කැලීන් – සරසවිය සිනමා දැක්ම අරඹමින්…
36 වැනි කැලීන් – සරසවිය සම්මාන උලෙළට සමගාමීව පැවැත්වෙන ජනප්‍රිය සිනමා සතිය වෙනුවෙන් චිත්‍රපට තිරගත කිරීම කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ඊයේ (18) ආරම්භ විය. පළමු දිනයේදී ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ “සිංහබාහු” චිත්‍රපටය තිරගත වූ අතර ආරාධිත අමුත්තන් වශයෙන් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති හංසක විජේමුණි, ප්‍රවීණ රංගනවේදිනී නීටා ප්‍රනාන්දු සහ ශ්‍රියන්ත මෙන්ඩිස් යන මහත්ම…