ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව දෙවැනි වරටත් පවත්වනු ලබන ධර්ම රශ්මි පොසොන් කලාපය ඊයේ21 දින සිට 23 දා දක්වා හෝමාගම ප්‍රදේශිය ලේකම් කොඨටාශයේදි පැවැත්වේ. එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහයෙන්, ස්වාධීන හා ජාතික රූපවාහිනි නාළිකාවලින් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන දියගම, හෝමාගම, පිටිපන, දාම්පේ, මීගොඩ, ගොඩගම, පානාගොඩ ප්‍රදේශ ඇතුළුව කි,මී 13ක් පුරා විහිදේ.
ඊයේ 21 දාට යෙදුනු පොසොන් පුන් පොහෝදා ධර්ම රශ්මි පොසොන් කලාපය හරිත සරසවියේදී සවස 6.30ට විවෘත කෙරිණි.
පොලිස් තූර්ය වාදක කණ්ඩායම සංගීතයට ජනප්‍රිය ගායක ගායිකාවන් ඉදිරිපත් කරනබැති ගී සරණයද තෙදින පුරාම පැවැත්වේ.
සර්වඥ ධාතු ප්‍රදර්ශන, තොරණ, දන්සල්, පෙරහර, බැති ගී සරණය, රූකඩ සංදර්ශන, බෞද්ධ චිත්‍රපට ප්‍රදර්ශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මෙම පොසොන් කලාපයට ඇතුළත් වන අතර ඊට සමගාමීව බටහිර හා ආයුර්වේද වෛද්‍ය සායන, විවෘත හා පාසල්, දහම් පාසල් සිසුන්ගේ පහන් කූඩු තරගයක් සංවිධානය කර තිබේ.
විවෘත අංශයේ පොසොන් කූඩු ප්‍රදර්ශනයේ මුදල් ත්‍යාග සඳහා ලක්ෂ 10ක් පිරිනැමෙනු ඇත. එම කාල සීමාව තුල පොසොන් කලාපය නැරඹීම සඳහා පැමිණෙන සැදැහැවත් සදහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයා ඇත.
අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් ධර්ම රශ්මි පොසොන් කලාපය ඊයේ21 දින විවෘර්ත විය.එහිදි අග්‍රමාත්‍යවරයා තුමා බැති ගී සරණය සහ ආලෝක පූජාව විවෘත කරන ලදී ඉන් අනතුරුව බත් දන්සල විවෘර්ත කරන්නටද විය.