
ලේක්හවුස් ආයතනයේ දමිළ මාධ්‍ය පුවත්පත වන තිනකරන් පුවත්පතේ 94 වැනි සංවත්සර උත්සවය ආයතනයේ සභාපති, කළමනාකරණ අධ්යක්ෂ ගාමිණි වරුෂමාන මහතාගේ ප්‍රධානත්වයෙන් කර්තෘ මණ්ඩල පරිශ්‍රයේදී ඊයේ (30) පැවැත්විණි. කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සිසිර යාපා, මූල්‍ය අධ්යක්ෂ චන්න කෙවිටියගල, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, සමාගම් ලේකම් සුදර්ශි හේවාවසම්, තිනකරන් කර්තෘ ටී. සෙන්තිල්වේලවර් ඇතුළු කර්තෘ මණ්ඩලය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, ප්‍රධාන පුවත්පත් කර්තෘවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.







