ලේක්හවුස් නිර්මාතෘ, දිවංගත ඩී. ආර්. විජයවර්ධන ශ්රීමතාණන්ගේ 140 වැනි ජන්ම දින ගුණ සැමරුම නිමිත්තෙන් වාර්ෂිකව සංවිධාන කරන සර්වරාත්රික පරිත්රාණ ධර්ම දේශනය ලේක්හවුස් මන්දිරයේදී අද (23) රාත්රියේ පැවැත්වේ.
රාත්රි 9 සිට සර්වරාත්රික පරිත්රාණ ධර්ම දේශනාව ආරම්භ වන අතර, කොටුව ශ්රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ මූලිකත්වයෙන් මෙය පැවැත්වේ. පසුදින (24) මහා සංඝරත්නය විෂයයෙහි දහවල් දානමය පින්කමක් ද ආයතනයේදී පැවැත්වේ.







