
විශ්වසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර ඇගයීම වෙනුවෙන් දෙවැනි වරටත් පවත්වන ලද”ජනාධිපති මාධ්‍ය සම්මාන -2025″ උලෙළේදී ලේක්හවුස් ආයතනයට සම්මාන 02ක් හිමිවිණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (11) පැවති මෙම සම්මාන උලෙළේදී වසරේ හොඳම විශේෂාංග ලිපියට හිමි සම්මානය සිළුමිණ පුවත්පතේ සුභද්‍රා දේශප්‍රිය මහත්මියත්, වසරේ හොඳම ප්රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානය තිනකර්න් පුවත්පතේ ලෝරන්ස් සෙල්වනායගම් මහතාත් දිනා ගනු ලැබුහ.
සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම මෙම සම්මාන උළෙලේ අරමුණ වන අතර රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත්, වෙබ්, මාධ්‍ය පර්යේෂණ හා පාසල් මාධ්‍ය ඒකක සඳහා ද සම්මාන පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.







