ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සේවක මහත්ම මහත්මීන්ගේ දූ පුතුන් අතරින් 2023 වසරේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව අධ්‍යාපන දක්ෂතා දැක්වූවන් ඇගයීමේ උත්සවය ලේක්හවුස් ඇකඩමියේ ශ්‍රවණාගාරයේදී (15) පැවැත්විණි.
සෑම වසරකම සංවිධාන කෙරෙන මේ ඇගයීමේ උත්සවය මෙවර සංවිධාන වූයේ 25 වැනි වරට වීම විශේෂත්වයකි. ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණී වරුෂමාන මහතාගේ හා අධ්යක්ෂ මණ්ඩලයේත්, විධායක කළමනාකාරීත්වයේත් උපදෙස් හා මඟපෙන්වීම මත ලේක්හවුස් ප්‍රතිපාදක අරමුදල විසින් එය සංවිධාන කරන ලදී.
මෙහිදී 2023 වසරේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වූ විවිධ දෙපාර්තමේන්තු සහ අංශවල සේවය කරන සේවක මහත්ම මහත්මීන්ගේ දූ පුතුන් 12 දෙනකුට මෙහිදී ත්‍යාග ප්රදානය කෙරිණි.
ඒ අනුව කර්තෘ මණ්ඩල පරිපාලන අංශයේ පී.ජී.අයි. ජයන්ත කුමාර මහතාගේ දියණිය හසඳි මනුජනා, අලෙවි අංශයේ එම්.ඒ.එස්. පීරිස් මහතාගේ දියණිය සවී සියන්සා, සුබසෙත කර්තෘ මණ්ඩලයේ එස්.ඒ.ඩී. එම්. සිරිවර්ධන මහතාගේ පුත් ජෙවිඳු චමත්ක, සුබසාධක අංශයේ පී.එල්.පී. රවීන්ද්‍ර මහතාගේ පුත් කෙනුල් දහම්මෙත්, ගිණුම් අංශයේ එච්.එම්.සී.පී. හෙන්නායක මහත්මියගේ දියණිය අනිද්යා විභානි, මුද්‍රණ අංශයේ බී.ඒ.ටී.එන්. බමුණුආරච්චි මහතාගේ දියණිය සස්වි විනුජනා, මුදල් අංශයේ එම්.ඒ.එස්.එස්. මල්ලවආරච්චි මහතාගේ පුත් ගගන පබසර, දැන්වීම් අංශයේ ඩී.ආර්. මලවරආරච්චි මහතාගේ දියණිය රෙසඳි රෙහන්සා, ලේක්හවුස් මාතර ශාඛා කාර්යාලයේ එච්.එල්.ටී.ජේ. අමරසේන මහත්මියගේ පුත් මනුමිත රන්සත්, පත්‍ර පිටහැරීමේ අංශයේ එම්.ජී.ඩී. දේශප්‍රිය මහතාගේ පුත් දමිතු සත්සිලු, දුරකතන අංශයේ කේ.ඩී.සී. කුමාර මහතාගේ දියණිය තිසුමි නෙත්සරනි සහ සන්ඩේ ඔබ්සර්වර් කර්තෘ මණ්ඩලයේ ජී.එම්. දීගොඩගේ මහත්මියගේ දියණිය අයන්සා පන්සිලුනි යන දරු දැරියෝ මෙහිදී තමන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් වටිනා ත්‍යාග රැසක් හිමි කර ගත්හ.
ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා මහතා විශේෂ අදහස් දැක්වීමක් කළේය.
මෙහිදී ලේක්හවුස් ප්‍රතිපාදක අරමුදලේ ලේකම් චතුරිකා මුණසිංහ මහත්මිය පිළිගැනීමේ කතාව කළ අතර, ඇගයීම් ලැබූ දරුවන් කිහිප දෙනෙක් ඉදිරිපත් කළ නර්තන, වාදන, ගායන අංග රැසකින් උත්සවය වර්ණවත් වූහ.
මේ ත්‍යාග පිරිනැමීම වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව, විජය ප්‍රොඩක්ට්ස් පුද්. සමාගම, සී. අයි. බී. ගාමන්ට්, සසෙක්ස් ස්කූල් නෙට්වර්ක්, රිචඩ් ට්‍රේඩින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ලංකා බැංකුව, ලාෆ් හෝල්ඩින්ග්ස්, මල්ටිලැක්, ACCA ශ්‍රී ලංකා, CIMA ශ්‍රී ලංකා, උස්වත්ත කන්ෆැක්ෂනරීස්, හෙඩ් ලයින් පී.ආර් යන ආයතන සමඟ මෙනූෂා සේවියර් මහත්මිය අනුග්‍රාහක දායකත්වය ලබා දුන්හ.
ඒ අනුව එම ආයතන අතරින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නගර ශාඛාව විසින් දුන් ‘ප්‍රාර්ථනා’ ඉතුරුම් සහතික දරුවන්ට බෙදාදීම සිදු කළේ එම බැංකුවේ ප්‍රාදේශීය කළමනාකාර (බස්නාහිර පළාත) සුරංග බදුගේ මහතා විසිනි. මීට අමතරව සසෙක්ස් ස්කූල් නෙට්වර්ක් ආයතනය වෙනුවෙන් එහි කළමනාකරු (ව්‍යාපාර සංවර්ධන) ජී. එස්. පී. පෙරේරා, ලංකා බැංකුවේ ලේක්හවුස් ශාඛාවේ කළමනාකාරිණී රේවාදේවි, සම්පත් බැංකුවේ නගර ශාඛාවේ කළමනාකරු ප්‍රභාශ් දිමුතු, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි ආයතනික අංශයේ ප්‍රධානී ලක්ෂ්මි පෙරේරා, සී.අයි.බී. ගාමන්ට්ස් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරි විරංග සූරියාරච්චි මහත්ම මහත්මීහු එම ආයතනවලින් දුන් ත්‍යාග පිරිනැමීමට සහභාගි වූහ. එමෙන්ම මෙනූෂා සේවියර් මහත්මිය විසින් රුපියල් 2,500ක් වටිනා ඩී.එස්.අයි. ත්‍යාග වවුචර පත බැඟින් දරුවන්ට පිරිනැමීම ද සිදු කරන ලදි.
මේ අවස්ථාවේදී ස්තූති කතාව ලේක්හවුස් ප්‍රතිපාදක අරමුදලේ සභාපති කළණ රාජප්රිය ද සිල්වා මහතා විසින් පවත්වන ලදී. එසේම මේ අවස්ථාවට සහභාගි වූ දරු දැරියන්ට ලේක්හවුස් ආයතනයේ විවිධ අංශ නැරඹීමට ද අවස්ථාව සලසා දී තිබුණි.
මේ අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්යක්ෂ චන්න කෙවිටියාගල, මෙහෙයුම් අධ්යක්ෂ චාමර ජනරාජ් පීරිස්, නීති හා පරිපාලන අධ්යක්ෂ නීතිඥ චාමර නානායක්කාරවසම්, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, සමාගම් ලේකම්, නීතිඥ එච්.ඩබ්.එස්. ප්‍රසංගා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) ඩී.එම්. දනසේන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි) චින්තක ප්‍රසන්න යාපා, දැන්වීම් කළමනාකරු එරන්ද එදිරිමාන්න මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.