මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) විසින් මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) මඟපෙන්වීම අනුව සිදු කළ පර්යේෂණ වාර්තාව ලේක් හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා වෙත මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා විසින් පිළිගන්වනු ලැබූ අයුරු.
මුළු රටම ආවරණය වන පරිදි සිදු කළ මේ පර්යේෂණයේදී ජනමාධ්‍ය වෘත්තිකයන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මාධ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන බුද්ධිමතුන් ඊට දායකත්වය දක්වා තිබීම විශේෂත්වයකි.
ජාතික මාධ්‍ය සංවර්ධන ප්‍රතිපත්තියක් සහ ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තිය අයිතිවාසිකම්, ආරක්ෂාව තහවුරු කරගැනීමේ අරමුණ පෙරදැරිව මාධ්‍යවේදීන් හා මාධ්‍ය කර්මාන්තයේ ප්‍රධානීන්, සිවිල් සමාජය සහභාගි කරගනිමින් පැවැත්වූ සංගණනයේ වාර්තාවට මාධ්‍ය කර්මාන්තයක් ලෙස මුහුණ අභියෝග සහ මාධ්‍ය ක්ෂේත්රයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා මාලාවක් ආදිය ඇතුළත් කර ඇත. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මේ වාර්තාව සකස් කර තිබේ.