ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රදීප් ධර්ම ශ්‍රී දසනායක මහතා ‘දිනමිණ’ පුවත්පතේ නව කර්තෘවරයා වශයෙන් (12) පෙරවරුවේ වැඩ භාර ගත්තේය.
ඔහු ලේක්හවුස් වංශකථාවේ ‘දිනමිණ’ පුවත්පතේ 27 වැනි කර්තෘවරයාය.
ලංකාදීප පුවත්පතේ හිටපු ප්‍රධාන උප කර්තෘවරයා ලෙස කටයුතු කළ දසනායක මහතා, දශක දෙකහමාරකට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ විවිධ තනතුරු දැරූ අයෙකි.
කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය පිළිබඳ සමාජීය විද්‍යාපති උපාධිය ද එම විශ්වවිද්‍යාලයෙන්ම ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා ඇති ඒ මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාව ද හිමි කරගෙන ඇත.
‘නාඳුනන හමුවීම්’ යනුවෙන් කෙටිකතා සංග්‍රහයක් ද ‘ප්‍රතිබිම්බ’ නමින් කාව්‍ය සංග්‍රහයක් ද ඔහු විසින් ලියා පළ කර තිබේ. කැලණිය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල බාහිර උපාධි පාඨමාලාවන්හි ජන සන්නිවේදනය පිළිබඳ දේශකවරයකු ලෙස ඔහු දශක දෙකකට අධික කාලයක සිට සේවය කරනු ලැබේ.
දසනායක මහතා මාතර සාන්ත තෝමස් විද්‍යාලය, දෙයියන්දර මධ්‍ය මහා විද්‍යාලය සහ කැටියපේ මහා විද්‍යාලය යන විද්‍යාලවල ආදි සිසුවකු වෙයි.
මාතර ‘දුරුතු සහෘදයෝ’ සංස්කෘතික එකමුතුවේ ආරම්භකයා වූයේ ද ඒ මහතාය.