ජනාධිපති පරිසර සම්මාන – 2024 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28 වැනිදා පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් සංවිධානය කරන මෙම සම්මාන උලෙළ මෙවර පැවැත්වූයේ 10 වැනි වරටය.
මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේ මාධ්‍ය අංශයේ තනි පුද්ගල අංශයේ රන් සම්මානය සිළුමිණ මාධ්‍යවේදිනී සුරේකා නිල්මිණි ඉලංකෝන්ට සහ රිදී සම්මානය සිළුමිණ විශේෂාංග කර්තෘ සුභාෂිණී ජයරත්නට හිමි විය. මෙම අවස්ථාවට පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර, පරිසර රාජ්‍ය ඇමැති එස්. වියාලේන්ද්‍රන්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු, එහි අධ්යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ සහ චීනය, ඊජිප්තුව, ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය, පාකිස්තානය, බංග්ලාදේශය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ඉරානයේ මහකොමසාරිස්වරුන් හා තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.
මෙවර ජනාධිපති පරිසර සම්මාන උලෙළ සඳහා අයදුම්පත් 901ක් ලැබී තිබූ අතර, කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය සහ ආයතන, ජනමාධ්‍ය හා සමාජ අංශය වශයෙන් ප්‍රධාන අංශ දෙකක් යටතේ අනුඅංශ 24ක් සඳහා අයදුම්පත් යොමු කළ තරගකරුවන් අතරින් රන්, රිදී, ලෝකඩ සහ කුසලතා වශයෙන් ජනාධිපති සම්මාන 124ක් පිරිනැමිණි.