ඇසළ පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන විචිත්‍ර ධර්මකථික දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් විසින් පැවැත්වූ ධර්ම දේශනා පින්කමක් (23) දින ලේක්හවුස් ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.
බුදුසරණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ රමණි සුබසිංහ මහත්මියගේ දායකත්වයෙන් සහ ලේක්හවුස් බෞද්ධ සංගමයේ සංවිධානයෙන් මේ ධර්ම දේශනා වැඩසටහන සංවිධාන කර තිබිණි. ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, සාමාන්‍යාධිකාරි වරලත් ගණකාධිකාරි සුමිත් කොතලාවල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (දැන්වීම්) චින්තක ප්‍රසන්න යාපා මහත්වරුන් ඇතුළු ආයතනයේ උසස් නිලධාරීහුද, ලේක්හවුස් බෞද්ධ සංගමයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු සේවක මහත්ම මහත්මීන් විශාල පිරිසක්ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.