35 වැනි ලක්ස්-සරසවිය සම්මාන උලෙළ උත්කර්ෂවත්ව

හෙළ සිනමාවේ මහා කලා මංගල්‍යය සරසවිය සම්මාන උලෙළ 2024 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ (28) රාත්‍රියේදී පැවැත්විණි.

මෙවර උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වූ නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මිය සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, තමාරා ගුණවර්ධන මහත්මිය ඇතුළු පිරිස උත්සව සභාවට කැඳවාගෙන පැමිණි අයුරු සහ 2020 වසර සඳහා රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාට හිමි සම්මානය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා අණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතින් පිරිනැමූ අවස්ථා සේයාරූවලින් දැක්වේ.

ඇමැතිවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්රි, නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, මහා භාරකාර ගිහාන් පිලපිටිය, ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ලේක්හවුස් අතිරේක සාමාන්‍යාධිකාරී විරාජිත් බොයිස්, ප්‍රවීණ නිළි දමයන්ති ෆොන­්සේකා මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙහි වෙති.