51 වැනි සැමරුමේ සුවිශේෂි අවස්ථා

කාන්තා පුවත්පත් කලාවේ පෙරගමන්කාරණිය තරුණී පසුගිය ජුලි 09 වැනිදා 51 වැනි වසරට පා තැබීය. එසේම කොරෝනා වසංගතය හමුවේදී ද නොසැලී තරුණී අන්තර්ජාල පුවත්පතක් ලෙසද නොකඩවා ඔබ අතරට අපි තිළිණ කළ බව පවසන්නේ හද පිරි සතුටිනි. රටේ පවතින සෞඛ්‍යමය වාතාවරණයට හිස නමා තරුණී සංවත්සර උත්සවය ඉතා චාම්ව පසුගියදා ලේක්හවුස් මන්දිරයේ දී පැවැත්විණි. ඒ සඳහා වත්මන් ලේක්හවුස් සභාපති කළමනාකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මැතිතුමා, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා, නීති අධ්‍යක්ෂ රඛිත අබේගුණවර්ධන මහතා, මූල්‍ය අධ්‍යක්ෂ ඡනක රණතුංග, සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා , සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය තරුණී ප්‍රධාන කර්තෘ ඉඳුනිල් වීරරත්න මහතා සහභාගි වූහ.එමෙන්ම සූපවේදී කලාවේ ජ්‍යෙෂ්ඨතමයා පබිලිස් සිල්වා, රූපලාවණ්‍ය කලාවේ ජ්‍යෙෂ්ඨතම ශිල්පී හැරිස් විජේසිංහ, මානෙල් කොටුවේගොඩ, මල්ලිකා ජෝශප්, මරීනා පෙරේරා, සමන්ත ගුණසේකර, මැණික් හේමචන්ද්‍ර, මංගලා ගුණරත්න, තිලක් ද සිල්වා, චාමලී කල්දේරා, ශීලා ප්‍රනාන්දු, ධනංජය ෆ්ලෝරා අධිපති සමන් ජයලත්, ප්‍රීතිකා වික්‍රමසිංහ, කැදැල්ල හෝම්ස් අධිපති මහින්ද ඒකනායක, ප්‍රවීණ නවකතා රචක එඩ්වඩ් මල්ලවආරච්චි ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ පැමිණීම සංවත්සර උත්සවයට ආලෝකයක් විය.