දිනමිණ-ඩේලිනිව්ස්-තිනකරන් වෙබ් අඩවි නව මුහුණුවරකින්

 ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ දිනමිණ, ඩේලිනිව්ස් සහ තිනකරන් පුවත්පත්වල නිල වෙබ් අඩවි නව මුහුණුවරකින් එළිදැක්වීම ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) සිදුවිය.

ඒ අවස්ථාවට එක්වූ අධ්‍යක්ෂවරුන් වන නීතිඥ ජනක රණතුංග, සිසිර පරණතන්ත්‍රී, මංජුල මාකුඹුර, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, තොරතුරු තාක්ෂණ උපදේශක සංජය ජයමාන්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දැන්වීම් චින්තක ප්‍රසන්න යාපා මහත්වරු ද මෙහි වෙති.